Home උණුසුම් පුවත් කතක් පැහැරගෙන රංචු ගැසී දූෂණය කළ අයකු වසර 14කට පසු අත්අඩංගුවට

කතක් පැහැරගෙන රංචු ගැසී දූෂණය කළ අයකු වසර 14කට පසු අත්අඩංගුවට

කතක් පැහැරගෙන රංචු ගැසී දූෂණය කළ අයකු වසර 14කට පසු අත්අඩංගුවට

කාන්තාවක් පැහැරගෙන ගොස් රංචුගැසී දූෂණය කිරීම සම්බන්ධයෙන් වසර 15ක සිරදඩුවමක් හිමිව තිබියදී අධිකරණය හා පොලීසිය මඟහැර සැඟව සිටි පුද්ගලයකු කන්දතොඩුවාවේදී මදුරන්කුලිය පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (28) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මදුරන්කුලියේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන්නෙකි. කාන්තාවක් පැහැරගෙන රංචු ගැසී දූෂණය කර ඇත්තේ 2010 වසරේදී බව පොලීසිය කියයි.

ඒ සම්බන්ධයෙන් එකල ඔහුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත.

එහිදී කෙටි කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලැබීමෙන් පසු ඔහු නීතිවිරෝධි ලෙස විදෙස්ගතව වසර 09ක කාලයක් රැදී සිට නැවත මෙරටට පැමිණ කොළඹ ප්‍රදේශයේ සැඟවී සිට ඇත.

ඔහු රටින් බැහැරව සිටි 2015 වසරේදී අධිකරණය විසින් ඔහුට වසර 15ක සිරදඩුවම් නියම කර තිබේ.

අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තුවක්ද නිකුත්කර තිබී ඇත.

පොලීසිය සඳහන් කරන්නේ ඔහු මදුරන්කුලියට පැමිණ කන්දතොඩුවාවේ රැදී සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here