Home දේශීය පුවත් කුරුම්බැට්ටියෙන් ආ මාරයා

කුරුම්බැට්ටියෙන් ආ මාරයා

0
කුරුම්බැට්ටියෙන් ආ මාරයා

කුරුම්බැට්ටියයක් උගුරේ සිරවීමෙන් ස්වසන මාර්ගය අවහිර වී මාස 11 ක බිළින්දියක් මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ ගාල්ල මිනුවනදෙණිය කරගොඩ නිවසකදීය. හේවාහන්දිගේ මනුලි විමංසා නැමැති බිළින්දිය මෙසේ මියගොස් ඇත.

ඇය සිය නිවස තුළ කුරුම්බැට්ටි සමග සිය සහෝදරයින් සමග සෙල්ලම්කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇතැයි ඒ සම්බන්දයෙන් ගාල්ල කරාපිටිය රෝහලේදී සිදුකළ මරණ පරීක්ෂණයේදී හෙළිවිය. මෙම අනතතුරු වන විට බිළිදාගේ පියා රැකියාව සදහා නිවසින් බැහැරව ගොස් දහවල් ආහාරය සදහා නිවසට පැමිණ සිට ඇත. මව මුළුතැන් ගෙයි දහවල් ආහාරය පිසිමින් සිටි බව කියයි. මිය ගිය බිළිදාත් සෙසු දරුවන් දෙදෙනාත් ඒ වන වවිට සිට ඇත්තේ නිවසේ සාලයේ කුරුම්බැට්ටි දෙකක් තබාගෙන සෙල්ලම් කරමිනි. ඒ එක් කුරුම්බැට්ටියක් පියා විසින් මිදුලට විසිකර ඇති අතර අනෙත් කුරුම්බැට්ටිය වැඩිමහල් දරුවා විසින් රැගෙන කාමරයකට ගොස් ඇත. අනතුරුව පියා මුළුතැන් ගෙට ගොස් දහවල් ආහාරය ගනිමින් සිටියදී කාමරයට ගිය දරුවා අත වූ කුරුම්බැට්ටිය බිළිදා ගිල එය උගුරේ හිරවී ඇති බව සදහන්ය.

රෝහලට දරුවාව රැගෙන යාමට 1990 ගිලන්රථයට ඇමතුමක් දෙමින් කැදවා ඇති නමුත් නොපැමිණීම නිසා බිළින්දිය යතුරුපැදියේ තබාගෙන ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති බවත් ඒ අතර මග එම බිළිදිය මියගොස් ඇති බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here