Home උණුසුම් පුවත් කොළඹ රථවාහන පොලිස් කොස්තාපල් කළ ඔන්ලයින් මුදල් වංචාව

කොළඹ රථවාහන පොලිස් කොස්තාපල් කළ ඔන්ලයින් මුදල් වංචාව

කොළඹ රථවාහන පොලිස් කොස්තාපල් කළ ඔන්ලයින් මුදල් වංචාව

ඔන්ලයින් ක්‍රමයට සිදුවූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු තලාතුඔය පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ගුරුදෙණිය ඉලුක්මෝදර පදිංචිකරුවෙක් විසින් තලාතුඔය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්ව මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා පොලීසියට පැමිණිලිකරමින් සඳහන් කර ඇත්තේ ඔන්ලයින් මාර්ගයෙන් තමාට අයත් රුපියල් 584,555ක මුදලක් වංචාකර ඇති බවය. මෙම පැමිණිල්ල ඔහු විසින් සිදුකර තිබුණේ පසුගිව වසරේ ඔක්තෝබර් 29 වෙනිදාය.

මේ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එම වංචාවට අදාල මුදලින් රුපියල් 134,000ක් බැරවී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයාට අයත් පුද්ගලික බැංකු ගිණුමකට බවය. ඒ ගැන වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම නිලධාරියාගේ අනුදැනුම ඇතිව මෙම මුදල ඔහුගේ ගිණුමට බැරවී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here