Home උණුසුම් පුවත් චීන-රුසියා ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන-රුසියා ජනපතිවරුන් අතර සාකච්ඡා

චීන-රුසියා ජනපතිවරුන් අතර සාකච්ඡා

 
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. එය අද (16) උදෑසන බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
 
මෙවර සංචාරය පුටින් මහතා ජනපති ධුරයේ නව සේවා කාලය ආරම්භ වීමෙන් පසු සිදු කළ ප්‍රථම විදෙස් සංචාරය බවත්, චීනය කෙරෙහි ජනාධිපතිවරයා සහ රුසියානු රජය දක්වන දැඩි සැලකිල්ල මෙයින් පිළිබිඹු වන බවත් ෂී ජින්පිං මහතා එහිදී කියාසිටියේය.
 
මෙම වසර චීන රුසියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 75වැනි සංවත්සරයයි. පොදු ප්‍රයත්න යටතේ චීන-රුසියානු සම්බන්ධතාව ස්ථාවර අයුරින් වර්ධනය වී තිබේ. දෙරට ආර්ථික, වෙළඳ, ආයෝජන, බලශක්ති, මානව හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, ජාත්‍යන්තර තලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා සක්‍රිය මෙහෙවරක් ඉටු කර ඇතැයි ද චීන ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය. පුටින් ජනාධිපතිවරයා සමග එක්ව විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සඳහා නව සැලසුම් සකස් කිරීමට තමා සූදානම් බව ද  ෂී ජින්පිං මහතා පැවසීය.
 
රුසියානු – චීන අන්තර් රාජ්‍ය සහයෝගතා යාන්ත්‍රණය මනා ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා එහිදී සඳහන් කළේය. ආර්ථික, කෘෂි, වෙළඳ, කාර්මික, බලශක්ති හා සන්නිවේදනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා ස්ථාවරව වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තර හා කලාපීය ගැටලුවල දී සාධාරණ ස්ථාවරයක සිට ක්‍රියා කරන චීනය තම රටේ පැසසුමට ලක්වන බව ද රුසියානු නායකයා පැවසීය.
එම සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළ “චීන-රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය” ට අත්සන් තැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here