Home COVID ඉදිරි මාස 3 තුළ රටටම කොවිඩ් එන්නත් දෙනවා – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

ඉදිරි මාස 3 තුළ රටටම කොවිඩ් එන්නත් දෙනවා – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

ඉදිරි මාස 3 තුළ රටටම කොවිඩ් එන්නත් දෙනවා – අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

අංජනා මල්ලවාරච්චි

රටේ සියලුම පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇනවුම් කර ඇති අතර තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලඟදීම මෙරටට ලැබෙන බවද ඇමැතිවරයා කීය.

මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන් එන්නත් කොටසක් මහන මහනුවරට ලබා ගැනීමට කටයුතු කරන බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මීට අමතරව රටපුරා දෛනිකව සිදු කරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here