Home උණුසුම් පුවත් රත්නපුර හිටපු නගරාධිපතිගේ අවිය ‘බට්ටා’ උස්සලා

රත්නපුර හිටපු නගරාධිපතිගේ අවිය ‘බට්ටා’ උස්සලා

0
රත්නපුර හිටපු නගරාධිපතිගේ අවිය ‘බට්ටා’ උස්සලා

රත්නපුර මහ නගර සභාවේ හිටපු සභාපති ටිරෝන් හිරන්ත අත්තනායක මහතාට අයත් බලපත්‍ර සහිත ගිනි අවිය සොරාගෙන ඇත.

රත්නපුර පොලීසියට හිටපු නගරාධිපතිවරයා පැමිණිලිකරමින් පවසා ඇත්තේ වක්කුඹුර බට්ටා නැමැති අය විසින් ගිනි අවිය සොරාගෙන ඇති බවය.

.38 වර්ගයේ රිිවෝල්වරයක් වන එම ගිනි අවිය රජය විසින් ලබාදෙන ලද අවියක් බව හිටපු නගරාධිපතිවරයා පොලීසියට ඊයේ මෙම සොරකම ගැන පැමිණිලිකරමින් පවසා ඇත.

පතොරම් 05 ක් සමග ගිනි අවිය රත්නපුර මුවගම පිහිටි සිය නිවස ඉදිරිපිට මිදුරේ නවතා තිබුණු කැබ් රථයේ තිබුණු බවත් වක්කුඹර බට්ටා එය සොරාගෙන ගොස් ඇත්තේ එහි තිබියදී බවත් හිටපු නගරාධිපතිවරයා පොලීසියට පවසා ඇත.

මෙම සොරකම සිදුව ඇතැයි පැවසෙන්නේ ඊයේ සවස 6.45ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here