Home උණුසුම් පුවත් වසර 4ක් අතුරුදන් කතගේ සිරුර නිවසේ වැසිකිළි වලේ

වසර 4ක් අතුරුදන් කතගේ සිරුර නිවසේ වැසිකිළි වලේ

වසර 4ක් අතුරුදන් කතගේ සිරුර නිවසේ වැසිකිළි වලේ

සිව් වසරක් තිස්සේ අතුරුදන්ව සිටි තවලම කුඩුගල්පල පදිංචිව සිටි කතකගේ සිරුරේ කොටස් ඇය පදිංචිව සිටි නිවසේ වැසිකිලිවලේ තිබී ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම්.ඒ.එන්. සඳමාලි නැමැති 29 හැවිරිදි කාන්තාවකගේ සිරුරේ කොටස් එසේ පොලීසිය විසින් ගොඩගෙන ඇත්තේ ඊයේ ය.

ඇය අතුරුදන්ව ඇතැයි හිනිදුම පොලීසියට පැමිණිලිකර ඇත්තේ ඇගේ සැමියාය. පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇගේ සිරුරේ කොටස් සොයාගෙන ඇත්තේ ද සැමියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රශ්න කර හෙළිවූ තොරතුරු මතය.

ජී.ජී. ශාන්ත නොහොත් බලත ශාන්ත නැමැති 44 හැවිරිදි සැමියා පොලීසියට පවසා ඇත්තේ සිය බිරිඳට පහරදී ඝාතනයකර නිවසේ වැසිකිලි වලට දැමූ බවය.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 2020 වසරේ ජූනි 05 වෙනිදා රාත්‍රී කාලයේදීය. සිය බිරිඳ ආගිය අතක් නැතැයි පවසමින් ඔහු පොලීසියට පැමිණිලිකර ඇත්තේ 2020 වසරේ ජූලි 07වෙනිදා බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here