Home උණුසුම් පුවත් රැඳවූවන් නිතරම පැනයන කන්දකාඩු කඳවුරේ නම වෙනස් කරයි

රැඳවූවන් නිතරම පැනයන කන්දකාඩු කඳවුරේ නම වෙනස් කරයි

රැඳවූවන් නිතරම පැනයන කන්දකාඩු කඳවුරේ නම වෙනස් කරයි

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු කඳවුරේ නම ‘නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය’ (Navodawa Treatment Center) යනුවෙන් වෙනස්කර තිබේ.

අන්තරාදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ නිර්දේශ මත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහ​තා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් අදාළ නම සංශෝධනය කර ඇත.

කන්දකාඩු කඳවුරේ රඳවා සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවූවන් රැසක් එම කඳවුරෙන් පලා යැමේ අවස්ථා ගණනාවක් ඉකුත් දිනවල වාර්තා විය.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය, නවෝදාව ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සංශෝධනය කර තිබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් D.D.U.K සෙනෙවිආරච්චි මහ​තා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් M.S සෝමරත්න මහ​තා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here