Home උණුසුම් පුවත් චීන ජනපති හංගේරියාවට

චීන ජනපති හංගේරියාවට

චීන ජනපති හංගේරියාවට

 
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය හංගේරියානු නිල සංචාරය අරඹයි. එරට ජනාධිපති Sulyok Tamas  සහ අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව, හංගේරියානු වේලාවෙන් 8 වැනිදා චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින්, Budapest අගනුවර වෙත ළඟාවිය.
 
ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය එරට ගුවන් සීමාවට ඇතුළු වූ පසු එහි ආරක්ෂාව සඳහා පරිවාර ගුවන් යානා දෙකක් ද යොදවා තිබිණ. හංගේරියානු අග්‍රාමාත්‍යවරයා, එම ආර්යාව, විදේශ අමාත්‍යවරයා සහ රජයේ උසස් පෙළේ නිලධාරීහු පිරිසක් ගුවන් තොටුපොළේ දී චීන ජනපති සහ ආර්යාව හරසරින් පිළිගත්හ.
 
කුඩා දරුවන් දෙනෛකු ෂී ජින් පිං මහතා සහ ආර්යාව වෙත පාන් සහ ලුණු ප්‍රදානය කර සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව එරටට පිළිගනු ලැබීම ද විශේෂත්වයකි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here