Home දේශීය පුවත් ගිනිගත් නෞකාවේ කපිතාන්ගෙන් හෙට ප්‍රශ්න කරයි

ගිනිගත් නෞකාවේ කපිතාන්ගෙන් හෙට ප්‍රශ්න කරයි

ගිනිගත් නෞකාවේ කපිතාන්ගෙන් හෙට ප්‍රශ්න කරයි

ගිනිගත් එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් හෙට (31) සිට ප්‍රශ්න කිරීම ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

ඒ සදහා කොළඹ වරාය පොලීසියේ විිශේෂ පොලිස් කණ්ඩායමක් නම්කර ඇතැයිද ඔහු සදහන් කළේය.

ගින්න සම්බන්දයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඉකුත් 23 වෙනිදා කොළඹ වරාය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද අජිත් රෝහහන මහතා කීය. ඒ අනුව වරාය පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් නෞකාවේ ගින්න සහ එමගින් සිදුවී ඇති පරිසර හානිය සසම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවද ඔහු සදහන් කළේය.

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනා නිරෝධායනයට යොමුකර තිබුණු බැවින් පොලීසියට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් නොවූ බවත් අද (30) ඔවුන්ගේ නිරෝධායන කාලය අවසන් වන බවත් අජිත් රෝහන මහතා කීය.

නෞකාව ගිනි ගැනීමට ලක්වූ මුහුදු ප්‍රදේශයෙන් ජල සාම්පල් ලබාගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පවා මේ වන විට පියවර ගෙන ඇතැයිද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here