Home දේශීය පුවත් උණුසුම් පුවත් ඩයනාගේ පුටුව හිස් -නිල වශයෙන් මැකොට දන්වයි

ඩයනාගේ පුටුව හිස් -නිල වශයෙන් මැකොට දන්වයි

ඩයනාගේ පුටුව හිස් -නිල වශයෙන් මැකොට දන්වයි

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුර‍ය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබේ.

සමගි ජන බලවේගයේ (ජාතික ලැයිස්තු) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි විය.

ඒ හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම් දීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here