Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්  කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඊයේ පැවති දෙවන අවසන් පූර්ව තරගය ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගෙන ඇත.

අබුඩාබි හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6 ක් දැවී ලකුණු 149 ක් රැස් කිරීමට සමත් විය.

විශ්මි ගුණරත්න ලකුණු 45ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 24ක් රැස් කළ අතර නායිකා චමරි අතපත්තු ලකුණු 21ක් ලබා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 137ක් පමණි.

ඊෂා ඕෂා ලකුණු 66ක් රැස් කළ අතර චමරි අතපත්තු ලකුණු 28ට කඩුළු 02ක් බිදහෙලීය.

ඒ අනුව ලකුණු 15ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහාතරගයට හෙට පිවිසෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here