Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ආසියානු 1 කොටසේ ශූරතාව දිනති

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ආසියානු 1 කොටසේ ශූරතාව දිනති

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ආසියානු 1 කොටසේ ශූරතාව දිනති

කසකස්ථාන රග්බි පිළ පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියානු රග්බි සංගමය සංවිධානය කළ පළමු කොටසේ ආසියානු රග්බි ශූරතාව දිනා ගත්තේය.

කොළඹ රීඩ් මාවතේ ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ රාත්‍රි පැවති තරගයේ දී ලකුණු 45-7ක් ලෙස කසකස්ථානය පරාජය කළ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ ශූරතාව හිමිකර ගත්හ.

කසකස්ථානය, කටාර්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සුදුසුකම් ලබා තිබිණි. මෙරට දී ජාත්‍යන්තර රග්බි තරගාවලියක් මෙලෙස පැවැත්වූයේ වසර 12කට පසුවය.

පළමු වටයේ දී ලකුණු 33-31ක් ලෙස කටාර් රාජ්‍ය පරාජයට පත්කළ කසකස්ථානයත්, 45-10 ලෙස ඉන්දියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකාවත් අවසන් මහා තරගයට සුදුකම් ලැබීය.

තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේ දී 34-25ක් ලෙස ඉන්දියාව පරාජයට පත් කළ කටාර් තම තෙවැනි තැන රැකගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here