Home දේශීය පුවත් උණුසුම් පුවත් මඩකලපුවේ ඇගළුම් කර්මාන්ත ශාලාවකිනුත් 71 ක කොවිඩ් පොකුරක්

මඩකලපුවේ ඇගළුම් කර්මාන්ත ශාලාවකිනුත් 71 ක කොවිඩ් පොකුරක්

මඩකලපුවේ ඇගළුම් කර්මාන්ත ශාලාවකිනුත් 71 ක  කොවිඩ් පොකුරක්

මෙරට ප්‍රසිද්ධ ඇගළුම් නිෂ්පාදන ආයතනයක මඩකලපුව, ආරයන්පතිහි පිහිටි කර්මාන්ත ශාලාවේ සේවය කරන 71 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ඉකුත් 27 වෙනිදා ලක්කිරීමේදී මෙම ආසාදිතයන් හදුනාගෙන තිබේ.

මෙම ඇගගුළුම් කර්මාන්ත ශාලාවේ 3000ක පමණ සේවක සේවිකාවන් පිරිසක් සේවයේ නිරතව සිටිති. මේ දිනවල එම කර්මාන්ත ශාලාවේ සේවකයින් සේවයට කැදවා ඇත්තේ කණ්ඩායම් වශයෙනි. කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා විෂබීජ හරණය කර ඇති බව මඩකලපුව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here