Home උණුසුම් පුවත් ගිනිගත් නෞකාවේ වෙරළ අපද්‍රව්‍ය අදත් ඉවතට- මෙහෙයුමට ඉන්දියාවෙන් නමක්

ගිනිගත් නෞකාවේ වෙරළ අපද්‍රව්‍ය අදත් ඉවතට- මෙහෙයුමට ඉන්දියාවෙන් නමක්

ගිනිගත් නෞකාවේ වෙරළ අපද්‍රව්‍ය අදත් ඉවතට- මෙහෙයුමට ඉන්දියාවෙන් නමක්

MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීමේ ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම ‘සාගර් ආරක්ෂා මෙහෙයුම 2’ ලෙස නම් කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම මෙහෙයුම සමුද්‍රීය සහයෝගීතාවය, ආපදා කළමනාකරණය සහ අවම කිරීම යනාදී ක්ෂේත්‍රයන් තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ගරුත්වය සහ සුහදතාවය මත පදනම්ව දිනෙන් දින ශක්තිමත් වන සහයෝගීතාවය සඳහා දිදුළන නිදසුනක් බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීමට ICG වෛභව් සහ ICG වජ්‍රා නෞකා, ඩොනියර් ගුවන්යානය සහ ශ්‍රී ලංකා නෞකා සහ ගුවන්යානාවල සහයෙන් ක්‍රියාත්මක ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමේ දියත් කෙරේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානය මගින් අදත් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝ 425ක් නැව මතට හෙළා තිබේ.

නැව් ගින්නෙන් අපවිත්‍ර වූ වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු මහත් පරිශ්‍රමයකින් අද දිනයේදී ද හමුදා සාමාජිකයන් විසින් සිදුකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here