Home දේශීය පුවත් ජලය පිරුණු මුට්ටියෙන් ආ මාරයා

ජලය පිරුණු මුට්ටියෙන් ආ මාරයා

ජලය පිරුණු මුට්ටියෙන් ආ මාරයා

ජලය පිරී තිබුණු මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එකහාමාරක දරුවෙක් අද (28) සවස මියගොස් ඇත.

ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී මෙම අවාසනාවන්ත මරණය සිදුව තිබේ.

සහන් යෝෂිත නැමැති දරුවා එසේ මරණයට පත්ව ඇත.

මෙම පවුලේ දරුවන් සිව් දෙනෙක් සිටින බව ගලේවෙල පොලීසිය සදහන් කරයි.

මෙම දරුවා ජලය පිරුණු මුට්ටියේ වැටී සිටිනු අයුරු දැක ඇත්තේ දරුවාගේ මවගේ පියා දිවා ආහාරය සවස ගැනීමෙන් අනතුරුව අත සෝදා ගැනීමට නිවස පිටුපස ඇති මුට්ටිය අසලට ගිය අවස්ථාවේදීය. ඒ වන විටත් දරුවා දියේ ගිලී මියගොස් සිට ඇතත් දිවි බේරා ගැනීමට උත්සහයක නිරතවීමට දඹුල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here