Home උණුසුම් පුවත් රටටම සෞභාග්‍ය පතමින් ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරේ

රටටම සෞභාග්‍ය පතමින් ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරේ

රටටම සෞභාග්‍ය පතමින් ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරේ

(නදීක දයා බණ්ඩාර – මහනුවර)

සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීම ඊයේ රාත්‍රී යෙදුණු සුබ මොහොතින් සිදුවිය.

අලුත් අවුරුදු උදාව යෙදුණු රාත්‍රී 09.05ට දකුණු දිශාව බලා කිරි ඉතිරවීම දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නව වසරක උදාවේ මුලින්ම කිරි ඉතිරවීම ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකිරීම පුරාතනයේ සිට සිදුවූ චාරිත්‍රයකි. ඒ අනුව අලුත් අවුරුදු උදාවන නැකතට කිරි ඉතිරවීම සම්ප්‍රදාය වේ.

රටට සහ සමස්ථ මහජනයාට සුභසිද්ධිය ප්‍රාර්ථනා කරමින් ආගමිකවතාවත් පවත්වා සුභ මොහොතින් කිරි ඉතිරවීම සිදු කෙරේ.

දන්ත ධාතූන් වහන්සේ උදෙසා තේවාව භාර මල්වතු මහ විහාර පාර්ශවයේ මහා සංඝරත්නය සහ රාජකාරී භාර කාර්යය මණ්ඩලය සහ සැදැහැවතුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here