Home COVID රට වසා සති දෙකකින් පසු සාමාන්‍ය පරිදි වැඩකළ හැකිවේවි – වෛද්‍ය සංගමය කියයි

රට වසා සති දෙකකින් පසු සාමාන්‍ය පරිදි වැඩකළ හැකිවේවි – වෛද්‍ය සංගමය කියයි

රට වසා සති දෙකකින් පසු සාමාන්‍ය පරිදි වැඩකළ හැකිවේවි – වෛද්‍ය සංගමය කියයි

අංජනා මල්ලවාරච්චි

සති දෙකක කාලයක් දැඩි සංචරණ සීමා පැනවීමෙන් කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

ආණ්ඩුව මේ වන විට සති දෙකක පමණ කාලයක් සංචරණ සීමා පැනවීම ඉතා හොඳ කාර්යයක් බව ද මෙම කාලය තුළ ජනතාව හැකි තරම් නිවෙස් වලට වී සිටිමින් හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවලට සහය ලබාදිය යුතු බව ද වෛද්‍යවරිය කීවාය.

සති දෙකක දැඩි සංචරණ සීමා පැනවීමෙන් පසු ව පසුව ලැබෙන දත්ත විශ්ලේෂණය කර ඉදිරි පියවර ගත හැකි බවද වෛද්‍යවරිය කීවාය.

කොරෝනා රෝගීන් රෝගීන්ගේ සංඛ්‍යාව සති දෙකකින් පසු සැලකිය යුතු ලෙස අඩු වූ විට සාමාන්‍ය පරිදි කටයුතු සිදුකරගත හැකි වනු ඇතැයිද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here