Home උණුසුම් පුවත් අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි 4500කට පොලිස් ඇස

අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි 4500කට පොලිස් ඇස

0
අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි 4500කට පොලිස් ඇස

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි හා වෙනත් උත්සව 4500කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජනතාව වැඩි වශයෙන් ඒකරාශීවන මේ සෑම ස්ථානයකම ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 14,000ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ 500ක්, ත්‍රීවිධ හමුදාවේ 400ක් සහ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15,806ක් යෙදවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පළාත් භාර ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂ අවධානයට යොමුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාාශක කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here