Home උණුසුම් පුවත් අලුත් අවුරුදු පළමු නැකැත් චාරිත්‍රය අදයි

අලුත් අවුරුදු පළමු නැකැත් චාරිත්‍රය අදයි

අලුත් අවුරුදු පළමු නැකැත් චාරිත්‍රය අදයි

උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකරන පළමු නැකත් චාරිත්‍ර අද දිනට යෙදී තිබේ.

ඒ අනුව නව සඳ බැලීමත් පරණ අවුරුද්ද වෙනුවෙන් ස්නානය කිරීමත් අද දිනට යෙදී ඇති අවුරුදු නැකැත් චාරිත්‍රයි.

නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 10 වන සිකුරාදා දින ද, නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ටදේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

ඉහත නැකත් වේලාවන් දැනට සම්මත ඔරලෝසු වේලාවෙන් සකස්කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසිනි.

මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිතා කළ හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here