Home COVID හෝමාගම රෝහලින් දෙවරක්ම පැනගිය කොවිඩ් රෝගියා මරුට

හෝමාගම රෝහලින් දෙවරක්ම පැනගිය කොවිඩ් රෝගියා මරුට

හෝමාගම රෝහලින් දෙවරක්ම පැනගිය කොවිඩ් රෝගියා මරුට

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දෙවරක්ම රෝහලින් පැනගිය කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබේ.

රාගම ඉහළගම පදිංචිකරුවෙක් වන 65 හැවරදි එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ ඊයේ (27) ය.

මෙම කොවිඩ් ආසාදිතයා පළමුවරට රෝහලින් පැන යන්නේ ඉකුත් 14 වැනිදා පෙරවරුවේය. රෝහල ආසන්නයේ නිවසක් අසල සිටි එම පුද්ගලයාව රෝහලින් කළ දැනුම් දීමකට අනුව පොලීසිය එදිනම ඔහුව සොයා ගනිමින් නැවතත් රෝහල් ගත කිරීමට පියවර ගත්තේය. පැය කිහිපයකට පසු නැවතත් ඔහු දෙවැනි වරටත් රෝහලින් පළායන්නේ සවස 3.00 ට පමණය.

එම අවස්ථාවේදී කළ සොයා බැලීමකදී ඔහුව පොලීසියට හසුවන්නේ රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය ස්ථානයට යාබදව ඇති නිවසක් අසල රැදී සිටියදීය.

මිය යන තුරුම මෙම පුද්ගලයා රෝහල්ගතව කොවිඩ් වෛරසයට ප්‍රතිකාර ලබමින් සිට ඇතිබව හෝමාගම රෝහල් තොරතුරු සදහන් කළේය.

මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමයේදි සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here