Home උණුසුම් පුවත් කම්කරු විරෝධය හමුවේ ෆෝඩ් කාර් තමිල්නාඩු කම්හල වැසේ

කම්කරු විරෝධය හමුවේ ෆෝඩ් කාර් තමිල්නාඩු කම්හල වැසේ

කම්කරු විරෝධය හමුවේ ෆෝඩ් කාර් තමිල්නාඩු කම්හල වැසේ

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි සිය මෝටර් රථ කම්හලේ නිෂ්පාදනය නවත්වන බව ෆෝර්ඩ් මෝටර් රථ සමාගම නිවේදනය කර තිබේ.

ඒ එහි කම්කරුවන් අද නිවාඩු සහ සෞඛ්‍ය ප්‍රතිලාභ ඉල්ලා දිවා ආහාර වේලෙ සිට වාඩි වී විරෝධතා පැවැත්වීමෙන් අනතුරුව ය. කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි මැයි 14 සිට මැයි 22 දක්වා නිෂ්පාදනාගාරය වසා දමා ඇත.

අනෙකුත් සෞඛ්‍ය හා ආරක්‍ෂිත ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ අඛණ්ඩව කටයුතු කිරීම නිසා ෆෝඩ් සමාගම් කළමනාකාරිත්වය සිකුරාදා සහ සෙනසුරාදා චෙන්නායි කම්හලේ වැඩ නතර කරන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“අපගේ ශ්‍රම බලකායේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි” යනුවෙන් ෆෝඩ් ඉන්දියාහි ප්‍රකාශකයෙක් පැවසීය.

වෛරස් ආසාදිතයින් වැඩිවීම මධ්‍යයේ වැඩ කිරීමට සිදුවූ තමිල්නාඩු ප්‍රාන්තයේ කර්මාන්තශාලා සේවකයින් අතර අතෘප්තිය හා අකමැත්ත ප්‍රකාශ කිරීමේ නවතම ප්‍රකාශනය වන්නේ වාඩිවී සිටිමින් විරෝධය පළකිරීමයි.

අමෙරිකාව පදනම් කරගනිමින් බිහිවූ ෆෝඩ් සමාගමේ නිෂ්පාදන කර්මාන්තශාලා 90ක් පමණ ලොව පුුරා ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here