Home උණුසුම් පුවත් ෆේස්බුක් එකේ අඩුමිල වාහන -ෆෝන් ඇඩ්වලින් ගහන අලුත්ම ගේම

ෆේස්බුක් එකේ අඩුමිල වාහන -ෆෝන් ඇඩ්වලින් ගහන අලුත්ම ගේම

0
ෆේස්බුක් එකේ අඩුමිල වාහන -ෆෝන් ඇඩ්වලින් ගහන අලුත්ම ගේම

ෆේස්බුක් සමාජ ජාලයේ පලකර තිබුණු දැන්වීමකට අනුව අඩු මිලකට යතුරුපැදියක් මිලදී ගැනීමට ගිරිබාවට ගිය වීරකැටියේ පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී මුදල් කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට ගිරිබාව පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ.

ගිරිබාව ජයන්තිපුර මාර්ගයේ ගිරිබා ඇල අසලදී මෙම කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 30 වෙනිදා පෙරවරුවේදී බව ගිරිබාව පොලීසිය කියයි.

රුපියල් 90,000කට යතුරුපැදියක් විකිණිමට ඇති බව සඳහන්කරමින් එම ෆේස්බුක් හි දැන්වීම පලකර තිබී ඇත.

එම යතුරුපැදිය ලීසිංකර ඇති බවත් රුපියල් 90,000ක මුදල අතට ලබාදීමෙන් පසු රුපියල් 10,000 බැගින් වාරික 11ක් ගෙවීමට ඇති බවත් එහි සඳහන්ව තිබී ඇත.

එම මුදලට යතුරුපැදිය මිලදී ගැනීමට අදහස් කළ දැන්වීම දුටු වීරකැටිය මැදමුලනේ පදිංචි තරුණයෙක් ඔහුගේ මාමා සමඟ එම යතුරුපැදිය මිලදී ගැනීමට ගිරිබාවට ගිය අවස්ථාවේදී පාළු මාර්ගයකට ඔවුන් දෙදෙනාව රැගෙන ගොස් පහරදී මුදල් කොල්ලකා ඇති බව පොලීසිය කියයි.

ජංගම දුරකථන, වාහන ඇතුළු භාණ්ඩ වෙළඳ පොලේ ඇති මිල ගණන්වලට වඩා විශාල ලෙස අඩු මිල ගණන්වලට අලෙවිකිරීමට ඇතැයි ෆේස්බුක් හි දැන්වීම් පලකර මෙවැනි කොල්ලකෑම් දැන් රටපුරාම සිදුවන බවත් ඒ ගැන බොහෝ අය පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බවත් පොලීසිය කියයි.

නාරම්මලදී පසුගිය සතියේ පොලීසියෙන් වෙඩි කා මියගියේද ජංගම දුරකථන අඩුමිලට ලබාදෙන බව පවසා මුදල් කොල්ලකෑම්වල නිරතව සිටියෙක් බවද පොලීසිය කියයි.

එම සැකකරු මියයාම මාධ්‍ය තුළින් වාර්තා වීමත් සමඟ පොල්ගහවෙල පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here