Home උණුසුම් පුවත් “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට 15%ක පොලිය ආපහු දෙන්න”

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට 15%ක පොලිය ආපහු දෙන්න”

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට 15%ක පොලිය ආපහු දෙන්න”

ජීවිතේ සැඳෑසමය ගතකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා මීට පෙර හිමිව තිබූ 15% පොලිය නැවත ලබාදෙන ලෙස විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

ආණ්ඩු ගණනාවක් විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට 15%ක පොලියක් ලබාදුන්නත් අද එය 8% දක්වා අඩු වී ඇත.

ලක්ෂ සංඛ්‍යාත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීම වන්නේ තමන්ට හිමි පොලිය ලබාගැනීම බැවින් එම විශේෂිත පොලිය නැවත ලබාදෙන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

බොහෝවිට පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයන් සේවයෙන් විශ්‍රාම ගිය පසුව ජීවත්වීම මෙම පොලී මුදල මත යැපේ.

එබැවින් එය යළිත් ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂනායකවරයා මැතිසබේදි අද ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here