Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා ප්‍රහාරය: දැනගත්ත දේ කියන්න මෛත්‍රීට උසාවියෙන් කැඳවීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය: දැනගත්ත දේ කියන්න මෛත්‍රීට උසාවියෙන් කැඳවීමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය: දැනගත්ත දේ කියන්න මෛත්‍රීට උසාවියෙන් කැඳවීමක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් 04 වැනිදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියෝගයක් කර තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය කර ඇත.

2019 වසරේදී මෙරට කතෝලික දේවස්ථාන කිහිපයක් සහ ප්‍රසිද්ධ හෝටල් කිහිපයක් ඉලක්ක කරගිනිම් ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් 269 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වී විශාල පිරිසක් තුවාල ලැබීමේ ඛේදවාචකය සිදුකළේ කවුරුන් ද යන්න තමන් දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති ජනහමුවකදී පවසා තිබුණි.

ඒ පිළිබඳ තමන් දන්නා තොරුතුරු අධිකරණයට දැනුම්දීමට සූදානම් බව ඔහු එහිදී පවසා සිටි අතර මේ පිළිබඳ සමාජයෙන් එල්ල වන විරෝධය හමුවේ ඔහු පසුව පැවසුවේ සති 3කට පෙර තමන් ඒ පිළිබඳ දැනගත් බවත් රහස් ප්‍රකාශයක් මගින් ඒ බව දැනුම් දීමට තමන් සූදානම් බවයි.

මේ පිළිබඳ බලධාරීන් විසින් ගන්නා ලද පිියවරයන්ට අනුව රහස් පොලීසියට ඔහු විසින් පසුගියදා පැය 6ක පමණ ප්‍රකාශයක් දී තිබුණි.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද එම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත්තේ මෙම පසුබිම තුළදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here