Home උණුසුම් පුවත් කෝටිපතියෙකුට තමන්ගේම ගිනිඅවියෙන් වෙඩිවැදිලා

කෝටිපතියෙකුට තමන්ගේම ගිනිඅවියෙන් වෙඩිවැදිලා

0
කෝටිපතියෙකුට තමන්ගේම ගිනිඅවියෙන් වෙඩිවැදිලා

කොළඹ 04 මෙල්බන් ඇවනිව් හී පදිංචි ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන කෝටිපතියෙකු වෙඩි වැදීමකට ලක්ව නාරාහේන්පිට පිහිටි පුද්ගලික රෝහලකට ප්‍රත්කාර ලබා ගැනීමට ඊයේ සවස පැමිණ ඇත.

එහිදී රෝහල් කාර්ය මණ්ඩලය ඔහුව දැනුවත්කර ඇත්තේ මුලින්ම ඒ ගැන පොලීසිය දැනුවත්කරන ලෙසය.

ප්‍රතිකාර ලබාගැනීම එහිදී ප්‍රතික්ෂේප කරමින් එම පුද්ගලයා පිටව ගොස් ඇත. මේ ගැන රෝහල විසින් නාරාහේන්පිට පොලීසිය දැනුවක් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම කෝටිපතියා පසුව වෙඩි වැදුණු තුවාලයට වෙනත් ස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන කිරුලපන පොලීසියට පැමිණ ඒ ගැන පැමිණිල්ලක් කර ඇත.

කෝටිපතියා පොලීසියට පවසා ඇත්තේ තමාට අයත් බලපත්‍ර සහිත ගිනිඅවිය පිරිසිදු කිරීමේදී අත්වැරදීමකින් වෙඩිල්ලක් පත්තුවී පාදයට වැදුණු බවය. එම වෙඩිල්ල වැදී ඇත්තේ ඔහුගේ පාදයේ ඇගිලිවලට බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here