Home උණුසුම් පුවත් හෙටත් දිස්ත්‍රික් 14ක් රත්වෙයි

හෙටත් දිස්ත්‍රික් 14ක් රත්වෙයි

හෙටත් දිස්ත්‍රික් 14ක් රත්වෙයි

දිවයිනේ දිස්ත්‍රික් 14කට හෙට (16) දිනයේත් ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමට උණුසුම් කාලගුණයක් බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, වවුනියාව, මන්නාරම, අනුරාධපුර, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, හම්බන්තොට, අම්පාර, මොනරාගල යන දිස්ත්‍රික්වලට හෙට දිනයේදී අධික උණුසුම් කාලගුණයක් බලපානු ඇත.

මේ අතර පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හා සම්බන්ධ වී ඉල්ලීම් සිදුකරන ලෙසය.

ඒ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නවතම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here