Home උණුසුම් පුවත් ඩුබායි නිපුනගේ කෝටි 15ක නිවාස දෙකක් තහනම් කෙරේ

ඩුබායි නිපුනගේ කෝටි 15ක නිවාස දෙකක් තහනම් කෙරේ

0
ඩුබායි නිපුනගේ කෝටි 15ක නිවාස දෙකක් තහනම් කෙරේ

ඩුබායි හී රැදී සිටින මෙරට පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නිපුන කැමැත්තාට අයත් බවට පැවසෙන කිරිබත්ගොඩ සහ වත්තල පිහිටි රුපියල් කෝටි 15කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගී නිවාස දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (13) තහනම් කර තිබේ.

ඒ මෙම නිවාස දෙක මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල්වලින් ලබාගෙන තිබීම හේතුවෙන් ඒ බව අධිකරණයට කරුණු දක්වමිනි. ඒ අනුව විමර්ශන අවසන්වන තුරු මෙම නිවාස දෙක විකිණිම හෝ අන්සතු කිරීම තහනම්ය. මෙම නිවාස දෙක සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන්නේ මුදල් විශුද්ධිකරණයෙන් බවත් ඉදිරියේදී මෙම දේපොල අධිකරණය හරහා රාජසන්තක කිරීමට පියවර ගන්නා බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම එක් නිවසක පිහිනුම් තටාකයක්ද ඉදිකර තිබේ.

මෙම නිවාස දෙකින් කඩවත ඉහල කරගහමුන ප්‍රදේශයේ පිහිටි නිවස කෝටි 10ක් පමණ වන අතර මෙය සුඛෝපභෝගී තෙමහල් නිවසකි. මෙහි ලියාපදිංචි අයිතිකරු පළාගොස් ඇත. අනෙත් නිවස නිපුන නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අනියම් බිරිදගේ නමින් ඇති එකකි. දෙමහල් නිවසක් වන එය හැඳල වත්තල තිබිරිගස්යාය පටුමගේ පිහිටා තිබේ. එහි වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වේ. එම නිවස තුල තිබී පාපැදි 328ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ඒවා කුමන අරමුණකින් ගෙන ආවේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය කියයි.

මෙම මත්කුඩු ජාවාම්කරුට අයත් තවත් දේපොල රැසක් ගැන තොරතුරු ඇති බව කියැවෙන බැවින් එම දේපොල ද සොයා විමර්ශන පැවැත්වෙන බව නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here