Home උණුසුම් පුවත් වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

මෙරටට පෞද්ගලික වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානුකූලව සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමින් එහිදී තරුණයන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊයේ (12) පැවැත්විණි.

ප්‍රශ්නය –
මේ වසරේදී පෞද්ගලික වාහන ආනයනය ලිහිල් කිරීම පිළිබඳ ඔබගේ අවදානය යොමු කරනවාද?

පිළිතුර-

“ලබන වසරේ සිට අපි එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ මම දැනුවත්. නමුත් තවමත් අපගේ ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැහැ. අපි මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙනවා. මොටර් රථ ආනයනයනය සිදු වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here