Home උණුසුම් පුවත් හෝටලයකදී අනියම් බිරිඳ මරා අනියම් සැමියා එල්ලී මැරේ

හෝටලයකදී අනියම් බිරිඳ මරා අනියම් සැමියා එල්ලී මැරේ

0
හෝටලයකදී අනියම් බිරිඳ මරා අනියම් සැමියා එල්ලී මැරේ
a couple hold each other's hands in the background of the sunset

අරුගම්බේ පිහිටි හෝටල් කාමරයක නවාතැන් ගෙන සිටි අනියම් අඹුසැමි යුවලක් මරාගෙන මැරී ඇතැයි පොතුවිල් පොලීසිය කියයි.

අනියම් සැමියා විසින් අනියම් බිරිඳව පිහියකින් ඇන මරා දමා අනියම් සැමියා එම හෝටල් කාමරයේ නාන කාමරය තුළ එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම සිදුවීම ඊයේ සවස් කාලයේදී සිදුවී ඇත. ඔවුන් දෙදෙනා හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණ ඇත්තේ ඊයේ උදෑසන කාලයේදී බව පොලීසිය කියයි.

ඝාතනය වූ කාන්තාව අවුරුදු 35ක් වයසැති මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. පිරිමියා අවුරුදු 51ක් වයසැති පොතුවිල් උල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

මෙම දෙදෙනාව කාන්තාවගේ සැමියාගේ අතට හසුවීම හේතුවෙන් මෙම අපරාධයකරගෙන ඇති බව පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here