Home උණුසුම් පුවත් රෝහල් නාන කාමරයකදී රෝගී සිසුවෙකුට ලිංගික අපයෝජනයක්

රෝහල් නාන කාමරයකදී රෝගී සිසුවෙකුට ලිංගික අපයෝජනයක්

0
රෝහල් නාන කාමරයකදී රෝගී සිසුවෙකුට ලිංගික අපයෝජනයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි රෝගී සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකල රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපයෝජනය සිදුව ඇත්තේ රෝහල් නාන කාමරයේදීය.

සිසුවා 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් ඔහු නාන කාමරයේ මුහුණ කට සෝදා ගැනීමට ගොස් සිටියදී සැකකරුද ඊට ඇතුළු වී සිසුවාට අතවර කර ඇති බව කුරුණෑගල පොලීසිය කියයි.

සැකකරු අවුරුදු 35ක් වයසැති පන්ලියද්දේ පදිංචිකරුවෙකි.

අද දිනයේ ඔහුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here