Home COVID සජිත්ගේ කාර්යමණ්ඩලයේ 10කට කොවිඩ් – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වසා දැමේ

සජිත්ගේ කාර්යමණ්ඩලයේ 10කට කොවිඩ් – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වසා දැමේ

සජිත්ගේ කාර්යමණ්ඩලයේ 10කට කොවිඩ් –   පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වසා දැමේ

අංජනා මල්ලවආරච්චි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

විපක්ෂ නායක කාර්යාලයේ ලේකම්වරියක් ඇතුළු එම පිරිස මේ වන විට කොයි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සෞඛ්‍ය අංශ කියයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එම මහත්මියට පසුගියදා කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වී තිබූ අතර විපක්ෂ නායකවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින්‌ ලෙස විපක්ෂ නායක කාර්යාලයේ එම පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ කියයි.

මේ අතර පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය අද සිට වසා දමා තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here