Home දේශීය පුවත් උණුසුම් පුවත් ගිනිගත් නෞකාවේ වෙරළට ගොඩගසන භාණ්ඩ එකතු කරන්න ජනතාව පොරකති

ගිනිගත් නෞකාවේ වෙරළට ගොඩගසන භාණ්ඩ එකතු කරන්න ජනතාව පොරකති

0
ගිනිගත් නෞකාවේ වෙරළට ගොඩගසන  භාණ්ඩ එකතු කරන්න ජනතාව පොරකති

ගිනි ගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් සහ ඇතුළු ද්‍රව්‍ය මීගමුව සහ අවට වෙරළට ගොඩ ගසමින් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.

එම බහලුම්වලින් පිටතට විසිවී ඇති ද්‍රව්‍ය අතර චොකලට් වැනි ආහාර ද්‍රව්‍ය ඇති බවත් අවධානමද නොතකමින් ජනතාව එම ආහාර ද්‍රව්‍ය එක්රැස් කරමින් සිටින බව සදහන්ය.

මීගමුව වෙරළ තීරයේ, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ගොඩ ගසා ඇති එම ආහාර ඇතුළු ද්‍රව්‍ය එක් රැස් කරන්නන්ට එය සිදු නොකරන ලෙස නාවික හමුදාව විසින් අද උදෑසන සිට දැනුවත් කිරීම් කරමිින් වෙරළේ ආරක්ෂාව තහවුරු කර ඇතැයි නාවික හමුදා තොරතුරු අනාවරණය කළේය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ අදාළ බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් එම ද්‍රව්‍ය ආසන්නයට යාම, ස්පර්ශ කිරීම වැනි කටයුතුවලින් වළකින ලෙසය.

නෞකාවේ පැතිර යන ගින්න තවදුරටත් තීව්‍ර වෙමින් පැතිර යන බවත් නෞකාවේ ගින්න පාලනය කිරීමට හැකිවනු ඇතැයි පවතින තත්වය හමුවේ අවිනිෂ්චිත බවත් ඇය සදහන් කරන්නීය.

මේ වවන විට නෞකාව ගිනි ගැනීමට ලක්වෙමින් ඇති මුහුදු ප්‍රදේශයේ ඉන්ධන තට්ටුවක්ද පැතිරෙමින් යමින් ඇතැයි නිරීක්ෂණ වලින් පෙනී ගොස් තිබේ. ඒ අනුව අනුමාන කරන්නේ නෞකාවේ ඉන්ධන කාන්දුවක්ද මේ වන විට සිදුවෙමිින් ඇති බවය. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here