Home කාළගුණය යාස් ගේ බලපෑම ශ්‍රී ලංකාවටත්

යාස් ගේ බලපෑම ශ්‍රී ලංකාවටත්

0
යාස් ගේ බලපෑම ශ්‍රී ලංකාවටත්

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘යාස්’ චණ්ඩ සුළි කුණාටුවක් වීමේ සහ නිරිත දිග මෝසම් තත්වයේ බලපෑමෙන් අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයින හරහා පැයට කිලෝමීටර පනහක හැටක පමණ වේගවත් සුළං හැමිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

මේ තත්වය මත ධිවරයන්ට සහ නාවිකයන්ට නැවත දැනුම් දෙන තුරු මුහුදු නොයන ලෙසට දැනුම් දීමක්ද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here