Home special ගෝලීය මානව හිමිකම් පාලනයට තම සක්‍රිය දායකත්වය දෙනවා -චීනය

ගෝලීය මානව හිමිකම් පාලනයට තම සක්‍රිය දායකත්වය දෙනවා -චීනය

ගෝලීය මානව හිමිකම් පාලනයට තම සක්‍රිය දායකත්වය දෙනවා -චීනය

ගෝලීය මානව හිමිකම් පාලනය සඳහා සක්‍රිය ලෙස දායක වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව පැවසුවේ අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරය පිළිබඳව නැගුණු පැනයකට පිළිතුරු දෙමිනි.

ජගත් මානව හිමිකම් කවුන්සිලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ හා සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ප්‍රධාන වේදිකාව බව ඇය පැවසුවාය. වත්මන් ගෝලීය දේශපාලනයේ කැළඹිලි සහිත බව උග්‍රවීම නිසා මානව හිමිකම් පාලනය තවදුරටත් බරපතල තත්ත්වයකට මුහුණ දෙමින් පවතී. මේ තත්ත්වය සමනය කරගැනීම සඳහා ඒ ඒ පාර්ශ්ව පොදු එකඟතාවන්ට පැමිණීම අත්‍යවශ්‍ය බව ඇය කියාසිටියාය.

මානව හිමිකම් කවුන්සිලයේ කාර්යයන් කෙරෙහි අඛණ්ඩ අවධානය යොමුකරන චීනය, මෙවර සැසිවාරයේ දීත් සක්‍රිය ලෙස පෙනී සිටින බවත්, මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශස්ත සංවාද හා සාකච්ඡා පැවැත්වීමට විවිධ පාර්ශ්ව යොමුකරවන බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here