Home උණුසුම් පුවත් මේ රස්නේ හිතුවට වඩා අවදානම් -ගිනිකෙළි කම්හලක් ගිනිගනී

මේ රස්නේ හිතුවට වඩා අවදානම් -ගිනිකෙළි කම්හලක් ගිනිගනී

0
මේ රස්නේ හිතුවට වඩා අවදානම් -ගිනිකෙළි කම්හලක් ගිනිගනී

කිඹුලාපිටිය ගල්මංකඩ පිහිටි ගිනිකෙළි නිෂ්පාදනාගාරයක ඊයේ සවස ඇතිවුණු ගින්නකින් එහි සේවයේ නිරත තිදෙනෙක් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

මෙම ගිලිකෙළි නිෂ්පාදනාගාරය තිබී ඇත්තේ එහි හිමිකරුගේ නිවස ඉදිරිපිට ඇති තාවකාලික මඩුවකය.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වෙඩි බෙහෙත් ගිනි ගැනීමට ලක්ව මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකකරයි.

තුවාල ලැබූවන් වයස අවුරුදු 17,21 හා 32 යන වයස්වල පසුවන්නන්ය.

මෙම තුවාලකරුවන් මුලින්ම ඇතුළුකර ඇත්තේ මීගමුව රෝහලටය. කොළඹ ජාතික රෝහලට මාරුකරු ඇත්තේ ඔවුන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් යැයි රෝහල් තොරතුරු අනාවරණය කළේය.

photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here