Home උණුසුම් පුවත් විද්‍යුත් පරිපථයක් සවිකළ සපත්තුවක් සිඩ්නි අරන්ගිය සරසවි සිසුවාට වූ දේ..

විද්‍යුත් පරිපථයක් සවිකළ සපත්තුවක් සිඩ්නි අරන්ගිය සරසවි සිසුවාට වූ දේ..

0
විද්‍යුත් පරිපථයක් සවිකළ සපත්තුවක් සිඩ්නි අරන්ගිය සරසවි සිසුවාට වූ දේ..

විද්‍යුත් පරිපතයක් සවිකරන ලද සපත්තුවක් රැගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා පිටත්ව යාමට සූදානම් වූ සිඩ්නි විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුවෙකු ගුවන්තොටුපොල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

නාත්තණ්ඩියේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන එම සිසුවා සිය ගමන් මල්ලේ දමාගෙන සිිඩ්නි බලා රැගෙන යාමට සූදානම් වූ මෙම සපත්තුව හමුවී ඇත්තේ ගමන් මල්ල ස්කෑනරයට ඇතුළුකර පරීක්ෂා කිරීමේදීය.

ගුවන්තොටුපොල ආරක්ෂක අංශයට හසුවූ මෙම සිසුවා පොලීසියට භාරදීමෙන් පසු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ එම සපත්තුව තමා නිර්මාණය කරනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් සඳහා බවය.

අත්අඩංගුවටගත් සිසුවා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here