Home උණුසුම් පුවත් සෆාරි කැබ් රියෙන් බිමට වැටී හෝටල් කළමනාකරුවකු මරුට

සෆාරි කැබ් රියෙන් බිමට වැටී හෝටල් කළමනාකරුවකු මරුට

0
සෆාරි කැබ් රියෙන් බිමට වැටී හෝටල් කළමනාකරුවකු මරුට

යාල වනෝද්‍යානයේ සිරි නැරඹිමට 10 දෙනෙකුගේ කණ්ඩායමක් සමඟ සෆාරි ජිප් රථයකින් ගමන්කරමින් සිටි හෝටල් කළමනාකරුවෙකු ජිප් රථයෙන් බිමට වැටී මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ අලුයම 3.30ට පමණ යාල අමුදුව මාර්ගයේදීය.

මෙසේ මරණයට පත්වන්නේ රාගම ධර්මපාල මාවතේ පදිංචිකරුවෙක් වන උගාවෙන් හට් හෝටලයේ ප්‍රධාන කළමනාකරු බව කිරින්ද පොලීසිය කියයි. බී.ජේ මියලින් (51) නැමැති හෝටල් කළමනාකරු මිය ගොස් ඇත්තේ රථයෙන් වැටී රෝහලට රැගෙන යමින් සිටියදී බවද පොලීසිය කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් සෆාරි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

photo – File photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here