Home දේශීය පුවත් උණුසුම් පුවත් ජනපතිවරණය ඔක්තෝබරයේ

ජනපතිවරණය ඔක්තෝබරයේ

ජනපතිවරණය ඔක්තෝබරයේ

ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත්වන නිසා සියලුම දෙනා ඊට සූදානම් වන්නැයි ද අනුරාධපුර දිස්ත්‍රික් එජාප සම්මේලනය ඇමතූ රංගේ බණ්ඩාර මහතා ඉල්ලා සිටියේය.

මහලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කිය.

“2020 දී මහමැතිවරණයෙන් පක්ෂය වැටුණු වැටිල්ල නිසා නැවත නැඟිටීමක් නැතැයි බොහෝදෙනා සිතුවා. නමුත් රට අමාරුවට පත් වූ අවස්ථාවේ නොබියව ඉදිරිපත්ව රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය බාරගත්තා. අවුරුදු දෙකක් ගතවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටිනවා . ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපති ධුරයට නැවත පත්කරන්නැයි ඉල්ලා සිටිනවා.”

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බවට මෙම සමුළුවේ දී විශේෂ යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ඒකමතිකව සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here