Home උණුසුම් පුවත් නවකවධයට ඇල්ලූ සබරගමුවේ සිසුන්ට ඇප

නවකවධයට ඇල්ලූ සබරගමුවේ සිසුන්ට ඇප

0
නවකවධයට ඇල්ලූ සබරගමුවේ සිසුන්ට ඇප

නවක වද සිදුවීමක් සම්බන්ධයෙන් සමනලවැව පොලීසිය විසින් අත්අඩංගුවටගත් ව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

සිසුන් 06 දෙනෙක් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු අතර එක් සිසුවෙක් අද පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අනුව සිසුන් 07 දෙනාම අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය කියයි.

විශ්වවිද්‍යාලයේ සිව් වැනි වසරේ සිසුන් වන ඔවුන් 07 දෙනාට එරෙහිව 1997 දුරකථන අංකයට පැමිණිලිකර ඇත්තේද සිව් වැනි වසරේ සිසුවියකි. සමූහ ඡායාරූපයක් ගැනීමේදී ඇති වුණු බහින්බස් වීමක් මෙසේ නවක වද සිදුවීමක් ලෙස පැමිණිලිකර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here