Home දේශීය පුවත් උණුසුම් පුවත් රුධිර බැංකුවල ලේ හිඟයට නාවික විරුවන් පෙරමුණ ගනී

රුධිර බැංකුවල ලේ හිඟයට නාවික විරුවන් පෙරමුණ ගනී

රුධිර බැංකුවල ලේ හිඟයට නාවික විරුවන් පෙරමුණ ගනී

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ රටපුරා රෝහල්වල ඇති ලේ බැංකුවල රුධිර සංචිත පහළ වැටීම නිසා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් 1611 දෙනෙක් අද (24) ඒ වෙනුවෙන් සිය රුධිරය පරිත්‍යාග කළේය.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් මෙම ලේ දන්දීමේ පිංකම සංවිධානය කර තිබුණේ නාවික හමුදා මූලස්ථානයේදීය.

මෙම ලේ දන්දීමේ අවස්ථාව නිරීක්‍ෂණය සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාද සහභාගී විය.

මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ නාවිකයින් 576ක්, උතුරු මැද නාවික විධානයේ නාවිකයින් 328ක්, වයඹ නාවික විධානයේ නාවිකයින් 105ක්, උතුරු නාවික විධානයේ නාවිකයින් 341ක්, ගිනිකොන නාවික විධානයේ නාවිකයින් 81ක් සහ දකුණු නාවික විධානයේ නාවිකයින් 180ක් රුධිරය පරිත්‍යා කළ බව නාවික හමුදාව සදහන් කරයි.

කොවිඩ් 19 අවදානම් තත්ත්වය යටතේ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කළ බව ද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here