Home උණුසුම් පුවත් කුඩ්ඩෙක් නිදහස් කරන්නැයි ගම්පහ OICට ඩුබායි පාතාලෙන් තර්ජන

කුඩ්ඩෙක් නිදහස් කරන්නැයි ගම්පහ OICට ඩුබායි පාතාලෙන් තර්ජන

0
කුඩ්ඩෙක් නිදහස් කරන්නැයි ගම්පහ OICට ඩුබායි පාතාලෙන් තර්ජන

මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවටගත් සැකකරුවෙක් මුදාහරින ලෙසට ඩුබායි හී රැදී සිටින ගම්පහ පාතාලයේ ප්‍රබලයෙක් වන කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ගම්පහ පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනයකර ඇත.

ඒ හැරුනු කොට එම සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාටත් දුරකථන ඇමතුම් දෙමින් තර්ජනයකර තිබේ.

ගම්පහ අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට පෙනී සිටීමට පැමිණ යමින් සිටි පස් පොඩ්ඩා ඇතුළු තිදෙනෙක් ඝාතනය කරමින් අධිකරණය ආසන්නයේදී 2022 ජූලි 27 වෙනිදා සිදුවූ වෙඩි ප්‍රහාරය මෙහෙයවූ බව කියැවෙන්නේද කෙසෙල්බද්දර පත්මේ විසිනි.

ගම්පහ පොලීස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යුක්තිය මෙහෙයුමටට සමගාමීව නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීමකට ඊයේ (27) සම්බන්ධ වෙමින් උඩුගම්පොල කිරිදිවිට පාරේදී වයස අවුරුදු 20ක් වන ශාෂා නැමැති සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලි ග්‍රෑම් 5,200ක් සමගිනි.

එම අවස්ථාවේදී එම වැටලීමට සම්බන්ධව සිටි පොලිස් කොස්තාපල්වරයාගේ පුද්ගලික දුරකථනයට විදේශ රටක අංකයකින් ඇමතුමක් ලැබී තිබේ. එම ඇමතුමලබාදී ඇත්තේ ඩුබායි සිටින කෙහෙල්බද්දර පත්මේ විසිනි.

පොලිස් කොස්තාපල්වරයාට එහිදී පත්මේ පවසා ඇත්තේඅත්අඩංගුවට ගෙන සිටින්නේ අහිංසකයෙක් බැවින් ඔහුව නිදහස්කර යවන ලෙසය.

අනතුරුව ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකථනයට මෙම අවස්ථාවේදී ඇමතුමක් ලබාගෙන ඇති කෙහෙල්බද්දර පත්මේ ඔහුටද පවසා ඇත්තේ අත්අඩංගුවට ගෙන සිටින තරුණයාව නිදහස්කරන ලෙසය.

මෙම ඇමතුම ඔහු විසින් ලබාදී ඇත්තේ තර්ජනාත්මක ස්වරූපයෙන් බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දෙදෙනා පොලිස් පොත්වල සටහන්ද තබා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here