Home දේශීය පුවත් උණුසුම් පුවත් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කැබිනට්ටුවෙන් අත්හිටුවයි

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කැබිනට්ටුවෙන් අත්හිටුවයි

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කැබිනට්ටුවෙන්  අත්හිටුවයි

රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය ඒ අනුව තවදුරටත් අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here