Home උණුසුම් පුවත් මහින්ද අංගොඩ රෝහලට -මානසික තත්ත්වය ගැන වාර්තාවක් කැඳවයි

මහින්ද අංගොඩ රෝහලට -මානසික තත්ත්වය ගැන වාර්තාවක් කැඳවයි

මහින්ද අංගොඩ රෝහලට -මානසික තත්ත්වය ගැන වාර්තාවක් කැඳවයි

තමා අවලෝකිතේෂ්වර බෝධිසත්ව යනුවෙන් හඳුන්වා ගත් මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලට ඉදිරිපත් කොට, මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නි‍යෝග කර තිබේ.

අත්අඩංගුවට ගෙන සිටි සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිට ඇති අතර සැකකරු විත්තිකූඩුවේ සිටි කාලය තුළ ඔහු මානසික ව්‍යාකූලතාවයකින් සිටින බවට අධිකරණය නිරීක්ෂණය කළ බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇපමත මුදාහැරීම ප්‍රතික්ෂේප කළේය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් පන්නිපිටිය වීරමාවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නමින් පෙනීසිටින මහින්ද කොඩිතුවක්කු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

“නීතිඥ මහත්වරුන්ගේ කරුණු දැක්වීම අතරතුර විත්තිකූඩුවේ සිටි විත්තිකරු දැක්වු ප්‍රතිචාර සහ ඔහුගේ අංගතුලාව අධිකරණයේ විශේෂ අවධානයට යොමුවුණා. මෙම සැකකරු මානසික ව්‍යාකූලතාවයකින් සිටිනවා කියලා අධිකරණය නිරීක්ෂණය කරනවා. ඒ අනුව මෙම සැකකරු අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලට යොමුකර මානසික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරනවා.”

සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාව ඉදිරි නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here