Home උණුසුම් පුවත් කන්දකාඩුවෙන් පැන්න අය ගැන හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩුවෙන් පැන්න අය ගැන හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩුවෙන් පැන්න අය ගැන හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවූවන් පිරිසක් පලායාම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීමට පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.

එය පත්කර ඇත්තේ අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසිනි.

එම පරීක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා පත්කර ඇත.

ඊට අදාළ පරීක්ෂණ හා නිර්දේශය ඇතුළත් වාර්තාව සති තුනක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස ඇමතිවරයා අදාළ පරීක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

අධිකරණ ඇමතිවරයා විසින් පත්කර ඇති එම පරීක්‍ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වනුයේ එම්.එස්.පි. සූරියාප්පෙරුම අතිරේක ලේකම්(පාලන හා පොලිස්)මහජන ආරක්ෂක අමාත්‍යාංශය,ආර්.එස්. හපු ගස්වත්ත අතිරේක ලේකම්(පාලන )අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,පියුමන්ති පිරිස් අතිරේක ලේකම්(නීති)අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය,ඩීඑම් සමන් දිසානායක අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය,යන මහත්ම මහත්මීන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here