Home උණුසුම් පුවත් සතියක් වැසී තිබූ පාරක් ඇරෙයි

සතියක් වැසී තිබූ පාරක් ඇරෙයි

සතියක් වැසී තිබූ පාරක් ඇරෙයි

නායයාමට ලක්වීම හේතුවෙන් සතියක් තිස්සේ වසාදමා තිබූ බදුල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ මාර්ගය අද (16) යළි විවෘත කර තිබේ.

අවදානම අවම කිරීමෙන් අනතුරුව ගමනාගමනා ගමනය සඳහා මාර්ගය මේ වනවිට විවෘත කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය ඒකාබද්ධව නිලධාරීන් පිරිසක් අද (16) නිලධාරීන් එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබුණි.

ඒ අනුව රථ වාහන ධාවනය සදහා එම ස්ථානයේ මාර්ගය සුදුසු බවට පෙනීගොස් තිබේ.

අනතුරුව අදාල රාජ්‍ය ආයතන එක්ව එම ස්ථානයේදී ඒකාබද්ධව කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මාර්ගය විවෘත කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here