Home දේශීය පුවත් ආණ්ඩුවේ කඩකාමර සහ නිවාස පෙන්වා මුදල් ගැරූ ලෝකයෙක් අල්ලයි

ආණ්ඩුවේ කඩකාමර සහ නිවාස පෙන්වා මුදල් ගැරූ ලෝකයෙක් අල්ලයි

0
ආණ්ඩුවේ කඩකාමර සහ නිවාස පෙන්වා මුදල් ගැරූ  ලෝකයෙක් අල්ලයි

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ කඩ කාමර සහ කොම්පඤ්ඤවීදිය අඩු ආදායම් නිවාස සංකීර්ණයක ඇති නිවාස පෙන්වමින් එම කඩකාමර සහ නිවාස ලබා දෙන බවට පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචාකර කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

කහවත්තේ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 55ක් වයසැති අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here