Home උණුසුම් පුවත් පාසල් -පිරිවෙන් නිල ඇඳුම් දෙන දවස

පාසල් -පිරිවෙන් නිල ඇඳුම් දෙන දවස

පාසල් -පිරිවෙන් නිල ඇඳුම් දෙන දවස

පාසල් සිසුන්ට සහ පිරිවෙන්වලට අවශ්‍ය නිල ඇඳුම් සඳහා රෙදි ලබන මස 19 දිනට පෙර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් 80%ක ප්‍රමාණයක් ලබා දෙන්නේ චීන රජයේ ප්‍රදානයක් ලෙසයි.

පෙර වර්ෂයේ ද 50%ක ප්‍රදානයක් ලබාදීමට චීනය මුලින් එකඟ වී සිට, පසුව එය 70%ක් දක්වා වැඩි කර තිබුණි.

මෙරට චීන තානාපති ෂී ෂැං හොං මහතා විසින් චීන ප්‍රදානයේ පළමු පාසල් නිල ඇඳුම් රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අද (11) දින නිල වශයෙන් ‍අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී භාර දී තිබේ.

මෙම ප්‍රදානයෙන් මීටර් මිලියන 5.8ක පළමු නිල ඇඳුම් රෙදි ප්‍රමාණය, මේ වන විට මෙරටට ලැබී ඇති අතර දෙවැනි තොගය පෙබරවාරි 04 වන දා වන විට ලැබී අවසන් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here