Home උණුසුම් පුවත් ප්‍ර‍ංශයේ ළාබාළතම අගමැති පත්වෙයි

ප්‍ර‍ංශයේ ළාබාළතම අගමැති පත්වෙයි

ප්‍ර‍ංශයේ ළාබාළතම අගමැති පත්වෙයි

ප්‍රංශ ජනාධිපති එමානු‍වෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් ඇටල් පත්කර තිබේ.

ඊයේ (9) සිදුකෙරුණු මෙම පත්කිරීමත් සමග ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

හිටපු අගමැතිනි එලිසබෙත් බෝර්න් මහත්මිය පසුගිය 8 වැනිදා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබිණ. 

34 හැවිරිදි ගේබ්‍රියෙල් ඇටල් මහතා මීට පෙර එරට අධ්‍යාපන හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස සේවය කළේය. ඔහු ප්‍රංශයේ ළාබාලතම අගමැතිවරයා යි.

එමානු‍වෙල් මැක්‍රෝන් ජනාධිපතිවරයා සමාජ මාධ්‍යයන් හි සඳහන් කර තිබුණේ, ප්‍රංශයේ ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ගේබ්‍රියෙල් ඇටල් මහතාගේ හැකියාව සහ ධෛර්යය පිළිබඳව තමාට විශ්වාසය තැබිය හැකි බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here