Home උණුසුම් පුවත් හෝමාගම පැතිරුණු දුමාරය අඩුවෙයි -රසායන කම්හලේ ආරක්ෂක ක්‍රම දැඩි කරයි

හෝමාගම පැතිරුණු දුමාරය අඩුවෙයි -රසායන කම්හලේ ආරක්ෂක ක්‍රම දැඩි කරයි

හෝමාගම පැතිරුණු දුමාරය අඩුවෙයි -රසායන කම්හලේ ආරක්ෂක ක්‍රම දැඩි කරයි

හෝමාගම කටුවන පිහිටි රසායන කර්මාන්ත ශාලාවකින් පිටවූ දුමාරය මේ වනවිට පාලනය කර ඇතත් ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව වාර්තා පළවේ.

කම්හලේ භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ මෙම දුමාරය නිසා කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද වසාදැමීමට පොලීසිය කටයුතු කර ඇත.

ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අද (08) අලුයම් කාලයේ සිට හෝමාගම පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රයෙන් සුදු පැහැති දුමාරයක් පිටවී තිබේ.

ප්‍රදේශවාසීන්ට මුඛ ආවරණ පැළඳීමට පොලීසිය උපදෙස් දී තිබුණි.

මෙම කර්මාන්තශාලාව ඉකුත් වසරේ අගෝස්තු මස 17වනදා ගිනි ගැනීමකට ලක්විය.

එහිදී රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාව පුරා පැතිර තිබූ අතර ඒවා යළි නිසි ක්‍රමවේදයකට බැහැර කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි.

පසුව මධ්‍යම පරිසර අධිකාරියෙන් පවසා ඇත්තේ ඒවා ඔවුන් පැමිණ නිසිඅයුරින් බැහැර කිරීම සිදුකරන තෙක් නිසි අයුරින් ගබඩා කර තබන ලෙසය.

එහිදී කර්මාන්තශාලා සේවකයින් මෙම රසායන ද්‍රව්‍ය භූගත ටැංකිවල ගබඩා කිරීමට කටයුතු කර ඇත.

ඉදිකිරීම් කටයුත්ත අතරතුර හානි සිදුව තිබුණේ එලෙස රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබූ භූගත ටැංකියකට බව වාර්තා වේ.

ඊයේ (07) මෙම ප්‍රදේශයට අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වයක් ද පැවතියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here